සංස්ථාවේ වරදක් දැයි සැකයක් – ඉන්ධන ගැටලුව ගැන කමිටුවේ වාර්තාව ජනපතිට

සංස්ථාවේ වරදක් දැයි සැකයක් – ඉන්ධන ගැටලුව ගැන කමිටුවේ වාර්තාව ජනපතිට

17
0

ඛනිජ තෙල් සංස්ථාවේ ක්‍රියාකාරීත්වයේ වරදක් හේතුවෙන් ඉන්ධන ගැටලුව මතු වූ බව ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කැබිනට් අනුකමිටුවේ සභාපති විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා. එම කමිටු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අද භාර දුන්නා.

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක , ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන  අමාත්‍ය අර්ජුන රණතුංග යන මහත්වරුන් මෙම කමිටුවට ඇතුළත් වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය 7 වනදායි මෙම කමිටුව පත් කළේ.

 

ඉන්ධන අර්බුදය සම්බන්ධ අනුකමිටු වාර්තාව අද ජනපතිට

ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කැබිනට් අනුකමිටු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත අද භාරදීමට නියමිතයි. අමාත්‍යවරුන් තුන් දෙනෙකුගෙන් යුත් අනුකමිටුව මඟිනුයි අදාළ වාර්තාව සකසා ඇත්තේ. අද රැස්වෙන කැබිනට් මණ්ඩලයේ දී මෙම කමිටු වාර්තාව භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

 

 

NO COMMENTS

LEAVE A REPLY