Update: ඉන්දීය ජනාධිපතිවරණයෙන් රාමනාත් ගෝවින් ඉදිරියෙන්

Update: ඉන්දීය ජනාධිපතිවරණයෙන් රාමනාත් ගෝවින් ඉදිරියෙන්

29
0

ඉන්දීය ජනාධිපතිවරණය අද පැවැත්වුණා. ඉන් රාමනාත් ගෝවීන් ඉදිරියෙන් සිටින බවයි ඉන්දීය වාර්තා සදහන් කළේ. රාම්නාත් ගෝවින් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ඉන්දීය ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටිනවා. විපක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ මීරා කුමාර්. අද උදෑසන දහයට පමණ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වූ අතර එය පස්වරු පහට පමණ අවසන් කෙරුණා. ඉන්දීය ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4,896 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු දේශපාලන ප්‍රධානීන් රැසක් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිටින අයුරු දැකගත හැකි වුණා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ලබන විසිවනදා නිකුත් කිරීමට නියමිතයි. මින් ජයග්‍රහණය කරන අපේක්ෂකයාට වසර පහකට ඉන්දීය ජනාධිපති ධූරය හිමිවනවා. ජනාධිපතිධුරයට පත්වන තැනැත්තා ලබන විසිහත් වනදා දිවුරුම් දීමට නියමිතයි. දෙදහස් දොළහ වසරේ සිට ඉන්දීය ජනාධිපති ධූරයේ කටයුතු කළේ ප්‍රනාබ් මුඛර්ජි මහතායි.

…………………………………………

ඉන්දීය ජනාධිපතිවරණය අද

ඉන්දීය ජනාධිපතිවරණය අද පැවැත්වෙනවා. මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් දෙදෙනෙකු ඉදිරිපත්ව සිටිනවා. භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ඉන්දීය ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ රාම්නාත් කෝවින්. විපක්ෂය නියෝජනය කරමින් මීරා කුමාර් ඉදිරිපත්ව සිටිනවා. අද උදෑසන 10ට පමණ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වූ අතර එය පස්වරු 5ට අවසන් වීමට නියමිතයි. ඉන්දීය ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4,896 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ලබන 20වනදා නිකුත් කිරීමට නියමිතයි. මින් ජයග්‍රහණය කරන අපේක්ෂකයාට වසර 05කට ඉන්දීය ජනාධිපති ධූරය හිමිවනවා. එසේ පත්වන පුද්ගලයා ලබන 27 වනදා දිවුරුම් දීමට නියමිතයි. 2012 වසරේ සිට ඉන්දීය ජනාධිපති ධූරයේ කටයුතු කළේ ප්‍රනාබ් මුඛර්ජි මහතායි. ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු දේශපාලන ප්‍රධානීන් රැසක් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිටින අයුරු දැකගත හැකි වුණා.

NO COMMENTS

LEAVE A REPLY