ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි හැටන් ප්‍රදේශයේ සංචාරයකට සූදානම්

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි හැටන් ප්‍රදේශයේ සංචාරයකට සූදානම්

37
0

ජගත් වෙසක් උළෙලට සහභාගී වීමට මෙරටට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හැටන් ප්‍රදේශයේ  සංචාරයකද නිරත වීමට නියමිතයි. එම කටයුතු සොයා බැලීමට ඉන්දීය දූත පිරිසක් ඊයේ වතුකරයට පැමිණියා.

නෝවුඩ් ප්‍රදේශයේදී ඉන්දීය දූත පිරිස සමග ශ්‍රී ලංකා නියෝජිතයින් සාකච්ඡාවකද නිරත වූවා. අමාත්‍ය පලනි දිගම්බරම් සහ රාජ්‍ය අමාත්‍ය වී රාධා ක්‍රිෂ්ණන් යන අයගේ  ප්‍රධානත්වයෙනුයි එම සාකච්ඡා පැවැත්වුණේ. ඉන්දීය ආධාර යටතේ හැටන් දික්ඔය මූලික රෝහලේ ඉදිකළ නව ගොඩනැගිලි සංකීර්ණය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කිරීමට නියමිත බව මෙහිදී හෙළි කෙරුණා. නරේන්ද්‍ර මෝදිගේ සහභාගීත්වයෙන් වතුකරයේ ජනහමුවක් පැවැත්වෙන බවද අමාත්‍යවරුන් දෙපළ සදහන් කළා.

NO COMMENTS

LEAVE A REPLY