ඉන්දියාවේ සිට බෝට්ටු මගින් කල්පිටියට ආ ගංජා

ඉන්දියාවේ සිට බෝට්ටු මගින් කල්පිටියට ආ ගංජා

9
0

රුපියල් ලක්‍ෂ 50 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.ඉන්දියාවේ සිට බෝට්ටු මගින් කල්පිටියට මේවා රැගෙන ඒමෙන් අනතුරුවයි කොළඹට ප්‍රවාහනය කර ඇත්තේ. කොළඹට බෙදා හැරීම සඳහා මේවා රැගෙන විත් තිබෙනවා. නුගේගොඩ සුරාබදු විශේෂ ඒකකයයි කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගත්තේ. එක් සැකකරුවෙකු හා ත්‍රිරෝද රථයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර කලුතර ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට සිදු කළ නීති විරෝධී මත්පැන් ජාවාරමක් හසුකර ගැනීමට නුගේගොඩ විශේෂ සුරාබදු අංශය සමත්වුණා. එම මත්පැන් තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 5ක් පමණ වන බවයි වාර්තා වන්නේ. එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇප මත නිදහස් කර තිබෙනවා.

NO COMMENTS

LEAVE A REPLY