ඉන්දියාවේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 60 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 60 දෙනෙකු ජීවිතක්ෂයට

22
0

ඉන්දියාවේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් හැට දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මෙම දරුවන් ආසාත්මික තාවයන් හේතුවෙන් රෝහල් ගත කර තිබුණා. එහිදී ඔවුන්ගේ රෝහල් ගාස්තු නොගෙවීම හේතුවෙන් ඔක්සිජන් සැපයුම් විසන්ධි කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබූ බවට චෝදනා එල්ලවී තිබෙනවා. දින 5ක් ඇතුළත මෙම දරුවන් මිය ගොස් ඇති බවයි වාර්තාවන්නේ. උත්තර් ප්‍ර දේශ්හි ගෝරක්පූර් දිස්ත්‍රික්කය ඉතා දිළිදු ජනතාවක් රැදී සිටින ප්‍රදේශයක් ලෙස හැදින්වෙනවා.  මේ සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ ආරම්භ කරන ලෙස ඉන්දීය රජය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

NO COMMENTS

LEAVE A REPLY