ඉන්දියාවේ ඊශාන දිග ප්‍රදේශයට නැවතත් ගංවතුර තත්ත්වයක්

ඉන්දියාවේ ඊශාන දිග ප්‍රදේශයට නැවතත් ගංවතුර තත්ත්වයක්

21
0

ඉන්දියාවේ ඊශාන දිග ප්‍රදේශයට පසුගිය දින දෙක තුළ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නැවතත් ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා.නේපාලයට , භූතානයට මෙන්ම බංග්ලාදේශයට ද ගංවතුරෙන් බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. එම රටවල බොහෝ ගංගා පිටාර මට්ටමට ළඟාවී ඇති බව ද සඳහන්. ඉන්දියාවේ ඇසෑම්  හා අරුනාචල් , නාගාලන්ද් හා මනිපූර් යන ප්‍රාන්තවලට ද වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වුණා. ඒ හේතුවෙන් මේ වන විට පුද්ගලයින් අසූපස් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ඉදිරි දින කිහිපයේ ද වැසි ඇති විය හැකි බවයි කාලගුණ අංශ සඳහන් කරන්නේ.

NO COMMENTS

LEAVE A REPLY