ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවේ හිටපු ලුතිනන්වරයෙකු අත්අඩංගුවට

ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවේ හිටපු ලුතිනන්වරයෙකු අත්අඩංගුවට

8
0

ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවේ හිටපු ලුතිනන්වරයෙකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙන්නේ. ඇවන්ට්ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන ගිය කාලයේ ඔහු එම නෞකාවේ මෙහෙයුම් කළමනාකරු ලෙස ක්‍රියාකළ බව පොලීසිය සදහන් කරනවා. සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. නාවික හමුදාව ඇවන්ට්ගාඩ් නෞකාව අත්අඩංගුවට ගත්තේ 2015 වර්ෂයේදීයි.

මේ අතර රුපියල් මිලියන 15ක මුදලක් එන් ආර් කන්සල්ටේෂන් පෞද්ගලික සමාගම ඔස්සේ  විශුද්ධිකරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ ඇතුලු පස් දෙනෙකුට එරෙහිව පවතින නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද කැඳවනු ලැබුවා.නඩුවේ සැකකරුවෙකු වන ඉන්දික කරුණාජීව නමැත්තා අධිකරණය මගහරිමින් සිටින බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ. ඔහු දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත් වන බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය සඳහන් කළා. ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා උදර්පන නීතිය යටතේ අවශ්‍ය පියවර ගෙන ඇති බවයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පැවසුවේ. නඩුව ඔක්තෝබර් මස 25 වනදා යළි කැඳවීමට නියෝග කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුජානි බෝගොල්ලාගම, සුදර්ශන බණ්ඩාර සහ නිත්‍යා සේනානි යන සැකකරුවන් අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

NO COMMENTS

LEAVE A REPLY