ඇරිසෝනා ප‍්‍රාන්තයේ ගංවතුරින් 09 දෙනෙකු මරුට

ඇරිසෝනා ප‍්‍රාන්තයේ ගංවතුරින් 09 දෙනෙකු මරුට

14
0

ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තය තුළ දැඩි ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා. ඉන් මේ වන විට පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් එක් අයෙකු අතුරුදන්ව ඇති බවයි එම වාර්තා සදහන් කරන්නේ. ඇරිසෝනා ප්‍රාන්තයට පසුගිය දින කිහිපය තුළ අධික වැසි ඇද හැලුනා.

ඒ සමග ඇරිසෝනා ගංගාවේ ද ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. මියගිය පුද්ගලයන් 09 දෙනාම ඇරිසෝනා ගංගාවේ පිහිනමින් සිටින අතරතුර හදිසියේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එහි ගිලී මියගොස් ඇති බවයි වාර්තා වුණේ. කුඩා දරුවන් ද ඒ අතර වන බව සදහන්. තවදුරටත් අධික වැසි ඇතිවිය හැකි බවයි ඇරිසෝනා ප්‍රාන්ත කාලගුණ අංශ සදහන් කර ඇත්තේ.

NO COMMENTS

LEAVE A REPLY