ඇමෙරිකා ජනපති ආසියා කලාපයේ නිල සංචාරයකට සූදානමින්

ඇමෙරිකා ජනපති ආසියා කලාපයේ නිල සංචාරයකට සූදානමින්

34
0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළඹෙන නොවැම්බර් මාසයේ දී ආසියා කලාපයේ නිල සංචාරයකට සහභාගී විමට නියමිත බව වාර්තා වනවා. දැනට ඉන්දුනීසියාවේ නිල සංචාරයකට සහභාගී වී සිටින ඇමෙරිකා උප ජනාධිපති මයික් ප්‍රෙන්ස් මේ පිළිබදව අදහස් පළ කළා. පිලිපීනයේ පැවැත්වීමට නියමිත අග්නිදිග ආසියා ජාතීන්ගේ සමුළුව, නැගෙනහිර ආසියා සමුළුව සහ වියට්නාමයේ පැවැත්වෙන ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගීතා සමුළුව යන සමුළු සදහා ඇමෙරිකා ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත බවයි උප ජනාධීපතිවරයා ප්‍රකාශ කළේ. දකුණු චීන මුහුදේ ආරක්ෂක වෙළෙද හා නාවික කටයුතු පිළිබදව ආසියා සංගමය සමග සහයෝගීතාව ගොඩනගා ගැනීමට ට්‍රම්ප් පාලනය අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

 

NO COMMENTS

LEAVE A REPLY