ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අතරතුර පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අතරතුර පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

16
0

ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අතරතුර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

චාලට් ස්විල් ප්‍රදේශයේ සුදු ජාතිකයින් පිරිසක් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කර තිබුණා. ඔවුන් අන්තවාදීන් බවටයි මූලික විමර්ශනවලදී හදුනාගෙන තිබෙන්නේ. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය අතරතුර මෝටර් රථයක් උද්ඝෝෂකයින් අතරට කඩා වැදීමෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව දහ නව දෙනෙකු තුවාල ලැබුවා. ගැටුම්වලදී තවත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තාවනවා. මෙම පිරිස උද්ඝෝෂණ ව්‍යාපාරය කුමන හේතුවක් මත සංවිධානය කළේ ද යන්න තවමත් හෙළිව නැහැ. මේ වන විට වර්ජිනියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

NO COMMENTS

LEAVE A REPLY