ඇමෙරිකාවට ඉතා දැඩි සුළිකුණාටුවකින් බලපෑම්

ඇමෙරිකාවට ඉතා දැඩි සුළිකුණාටුවකින් බලපෑම්

23
0

ඇමෙරිකාවට ඉතා දැඩි සුළිකුණාටුවකින් බලපෑම් එල්ල වී තිබෙනවා.ඇමෙරිකාවේ වයඹ දිග ප්‍රදේශයටයි මෙම සුළි කුණාටු තත්ත්වය බලපා ඇත්තේ. ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. පැයට සැතපුම් 50ක පමණ වේගයෙන් සුළං හමා යමින් පවතින අතර ඇතැම් ප්‍රදේශවලට තද වැසි ඇද හැලෙමින් පවතින බවයි වාර්තා වන්නේ. මුහුදු ප්‍රදේශවල රළ අඩි 20ත් 30ත් අතර උසකට විහිදී යා හැකි බව ද සදහන්. බොහෝ ප්‍රදේශවල හිම සහ මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් ද පවතින බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

 

NO COMMENTS

LEAVE A REPLY