ආසියා කායවර්ධන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 5ක්

ආසියා කායවර්ධන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 5ක්

13
0

52 වන ආසියා කායවර්ධන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 5 දෙනෙකු සහභාගි කරවීමට ජාතික කායවර්ධන සංගමය සැලසුම් කර තිබෙනවා.

රටවල් 30 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් තරගාවලියට එක්වීමට නියමිතයි. ඔවුන් බර පංති කිහිපයක් යටතේයි තරගවදින්නේ. මොන්ගෝලියාවේදී ලබන 26 වනදා තරගාවලිය පැවැත්වෙනවා. පසුගිය වසරේ ආසියා කායවර්ධන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කිසිදු ක්‍රීඩකයෙකු එක් වූයේ නැහැ. ඒ  නම් කළ ක්‍රීඩකයින්ට විරෝධයක් එල්ල වීම හේතුවෙනුයි. මෙවර තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩකයින්ට ද ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මෙතෙක් අනුමැතිය හිමිව නැහැ.

NO COMMENTS

LEAVE A REPLY