අැමති දුමින්ද මල්වතු – අස්ගිරි මහනායක හිමිවරුන් බැහැ දකියි

අැමති දුමින්ද මල්වතු – අස්ගිරි මහනායක හිමිවරුන් බැහැ දකියි

24
0

මීට පෙර පාලනයේ සිටි අය තමන්ගේ නිවෙස්වල මහජන මුදල් වැය කරමින් කෞතුකාගාර ගොඩනැගූ බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන්වහන්සේ පවසනවා. උන්වහස්සේ පෙන්වා දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බුදු දහමේ උන්නතිය වෙනුවෙන් සිදු කරන කටයුතු ප්‍රශංසනීය බවයි. අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නා හිමියන් බැහැදුටු අවස්ථාවේදී මේ අදහස් පළ කළා.

මහනුවරට පැමිණි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පළමුව ශ්‍රී දළදා මාලිගයට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමියන් බැහැදුටුවා. අනතුරුව අමාත්‍යවරයා බැහැදුටුවේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේයි. අමාත්‍යවරයා ඉන් අනතුරුවයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි නාහිමියන් බැහැ දුටුවේ. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන්වහන්සේ බැහැ දුටු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තා.

NO COMMENTS

LEAVE A REPLY