Update: හිසතෙල් ගෑමේ චාරිත්‍රයට රටම එක් වෙයි

Update: හිසතෙල් ගෑමේ චාරිත්‍රයට රටම එක් වෙයි

13
0

අලුත් අවුරුද්ද වෙනුවෙන් හිස තෙල් ගැමේ නැකත අද පෙරවරු 10.16ට යෙදී තිබුණා. හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය අත්තනගල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ පැවැත්වුණා.හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය පැවැත්වුණේ කතානායක කරුජයසූරිය සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. ආයුර්වේද දෙපාර්තමේන්තුව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශය එක්ව මෙම උත්සවය සංවිධාණ කර තිබුණා. අත්තනගල්ල පුරාණ රජමහා විහාරාධිපති. ආචාර්ය පූජ්‍ය පන්නිල ශ්‍රී ආනන්ද ස්වාමීන් වහන්සේගේ උපදෙස් මතයි මෙම කටුයතු සංවිධාන කෙරුණේ. ආගමික වතාවත්වලින් අනතුරුව හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණා. පෙරවරු 10.16යට යෙදුණු සුභ මොහොතින් උතුරු දිහාව බලා හිසට දිවුල් පත්ද, පයට ඉඹුල් පත්ද තබා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හිසතෙල් ගෑමේ කටයුතු සිදදු කෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාඇනථළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. අත්තනගල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ ගැමුණු සහ කපුර යන හස්තියන් දෙදෙනාට හිසතෙල් ගෑමද මෙහිදී සිදු කෙරුණා. විහාරස්ථාන භූමායේ සදුන් පැළයක් රෝපණය කිරීමට කතා නායවකරු ජයසූරිය මහතා ඇතුළු පිරිස එක් වුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද හිස තෙල් ගෑමේ නැකත් චාරිත්‍රය සිදු කළේ ලන්ඩන් නුවර සිටයි. පොදු රාජ්‍ය මාණ්ඩලයීය නායක සමුළුවට සහභාගි වීමට ලන්ඩන් නුවරට පැමිණි නිසා ජනාධිපතිතුමාට හිස තෙල් ගෑමේ නැකත් චාරිත්‍රයට සහභාගි වීමට නොහැකි වුවත් එතුමා ලන්ඩන් නුවර බෞද්ධ විහාරයේදී චාරිත්‍රානුකූලව එම වතාවත් ඉටු කිරීමට එක්වුණා.බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක හා ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙනුයි මෙම හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදුකරනු ලැබුවේ. ජනාධිපතිතුමාට නැකතට හිස තෙල් ගා ආශිර්වාද කිරීම උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ද චාරිත්‍රානුකූලව නැකතට හිස තෙල් ගැල්වීම සඳහා මෙම විහාරයට එක්ව සිටියා. ඔවුන් සමග ද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත වුණා. එමෙන්ම ලැබුවා වූ අලුත් අවුරුද්දට ඔවුන්ට සුබ පැතීමට ද ජනාධිපතිතුමා එක් වුණා. අනතුරුව විහාරස්ථානයේ පැවති ආගමික වතාවත් සඳහා ද ජනාධිපතිතුමා සහභාගි වුණා.

9bd515364b73bd8c2553ea10235b0fc1_L

නුවර එළිය මාගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරස්තානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හිසතෙල් ගෑමේ චාරිත්‍රය සදහා සහභාගී වුණා. විහාරාධිපති පූජ්‍ය කළුගහකදුරේ විජිත ස්වාමීන් වහන්සේගේ උපදෙස් මත සංවිධාන කෙරුණු හිසතෙල් ගෑමේ උත්සවයට විශාල පිරිසක් සහභාගී වී සිටියා.

cca246867cd9d552ec52a21ffd922019_L

මේ අතර ITN මාධ්‍යජාලය සංවිධාන කළ එහිසතෙල් ගෑමේ උත්සවය වික්‍රමසංහපුර, ජයවඩනගම, චිත්ත විවේකාශ්‍රමයේදී පැවැත්වුණා. පූජ්‍ය කැලෑගම විමලරතනස්වාමීන් වහන්සේගේ උපදෙස් මත මෙම කටයුත්ත සංවිධාන කෙරුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලය මෙන්ම වික්‍රමසිංහපුර ප්‍ර දේශවාසීන් ඊට එක්ව සිටියා.

දිවයිනේ සෑම විහාරස්ථානයකම පාහේ හිසතෙල් ගෑමේ කටයුත් සිදු කෙරුණා.කළුතර බෝධිය අසළදීද හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කෙරුණා. විශාල පිරිසක් එම අවස්තාවටසහභාගී වුණා. මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍ය යේ මෛය සංවිදාන කළේ කළුතර බෝධි භාරකාර මණ්ඩලයයි.

ඓතිහාසික කන්දෙ විහාරස්ථානයේදීද හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කිරීම සදහා විශාල පිරිසක් සහභාගී වී සිටියා. සතර දේවාලයන්හිදීද එම කටයුතු සිදු කෙරුණා. කන්දෙ විහාරයේ රාජා හස්තියාට හිස තෙල් ගැල්වීමද මීට සමගාමීව සිදු කෙරුණා.

මධ්‍යම පළාත් හිසතෙල් ගෑමේ උත්සවය ශ්‍රී නාත දේවාල ප්‍රරිශ්‍රයේදී පැවැත්වුණා. ආගමික වතාවත් මධ්‍යයේ හිසතෙල් ගෑමේ කටුයුතු සිදු කෙරුණේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වායන්.

ගොතටුව පාරමිතා හ්‍රී මහා බෝධිමළු විහාරස්ථානයේදීද හිසතෙල් ගෑමේ කටයුතු සිදු කෙරුණා. ඒ පූජ්‍ය අරම ශ්‍රී ධම්මතිලක ස්වාමීන් වනහන්සේගේ උපදෙස් මතයි. විහාරස්ථානයේ දායක දායිකාවන් මෙම කටුයතු සංවිධාන කර තිබුණා.

වව්නියාවේදී පැවති හිසතෙල් ගෑමේ උත්සවයට සිංහල මෙන්ම දෙමළ ජනතාවද විශාල පිරිසක් එක්ව සිටියා. ආරක්ෂක අංශ සංවිධාන කළ හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්වුණේ වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේදීයි. උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය සියඹලාගස් වැව විමලසාර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම කටුයුතු සිදු කෙරුණා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේද සෑම විහාරස්ථානයකම හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කෙරුණා. හිගුරක්ගොඩ ඩී එස් සේනානායක විහාරස්ථාන භූමියේදී හිසතෙල් ගෑමේ කටයුතු සිදු කෙරුණේ පූජ්‍ය බුද්ධයායේ ඉන්ද්‍රරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මතයි.

අලුත් අවරුද්දේ හිස තෙල් ගෑමේ උත්සවය අදයි

අලුත් අවරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය අදට යෙදී තිබෙනවා.අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත යෙදී ඇත්තේ අද පෙරවරු 10.16 ටයි. උතුරු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත් ද තබා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තෙල් හා දිවුල්පත් මිශ්‍ර නානු ද ගා  ස්නානය කිරීම යහපත් බව සඳහන්.

හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වෙන්නේ අත්තනගල්ල පුරාණ රජමහා විහාරස්ථානයේදීයි. ඒ කතානායක කරූ ජයසූරිය හා සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධාන කරනවා. ITN මාධ්‍ය ජාලය සංවිධාන කරන හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්වෙන්නේ වික්‍රමසිංහපුර ජයවඩනගම චිත්ත විවේකාශ්‍රමයේදීයි. පූජ්‍ය කැලෑගම විමලරතන ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වීමට නියමිතයි. මේ පිළිබඳ තොරතුරු  පෙරවරු 9.30 සිට 10.30 දක්වා සජීව ලෙස ගෙන ඒමට ITN අප කටයුතු සූදානම් කර තිබෙනවා. සියලු දෙනාට මෙම අවස්ථාවට සහභාගි වන ලෙස ITN මාධ්‍ය ජාලය ආරාධනා කර සිටිනවා.

මේ අතර අවුරුදු නැකැත් අනුව රැකී රක්‍ෂා සඳහා පිටත්ව යාමේ නැකත අප්‍රේල් 19 වන බ්‍රහස්පතින්දා පෙරවරු 6.03ට යෙදී තිබෙනවා. නැගෙනහිර දිශාව බලා රන්වන් හෝ කහ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර රැකී රක්‍ෂා සඳහා පිටත්ව යාම සුදුසු බවයි ජ්‍යෙතිෂ්‍යයේ සඳහන් වන්නේ.

හිස තෙල් ගෑම සදහා භාවිත කරනු ලබන නානු පිළියෙල කරගන්නා ආකාරය

සිංහල අලුත් අවුරුදුදට හිස තෙල් ගෑමේ නැකත යෙදී තිබෙන්නේ අද පෙරවරු 10.16ට. හිස තෙල් ගෑම සදහා භාවිත කරනු ලබන නානු පිළියෙල කරගන්නා ආකාරය පිළිබද සටහනකි මේ.

සිංහල අලුත් අවරුදු චාරිත්‍රවල වැදගත් චාරිත්‍රයක් ලෙස හිස තෙල් ගෑම හදුන්වන්න පුළුවන්. නියමිත නැකත් වේලාව පැමිණිමත් සමග මෙම චාරිත්‍රය ඉටු කර ගැනීම සදහා ගම්වැසියන් පන්සලට හෝ ගමේ වෙද මහතාගේ නිවසට යාම පුරාණයේ සිට පැවත එන සිරිතක්. මෙමගින් වසර පුරා දීර්ඝායුෂත්, නිරෝගී භාවයත් ප්‍රාර්ථනා කිරීම ගම්වැසියන්ගේ අපේක්ෂාවයි. කාර්මීකරණයත්, මිනිසුන්ගේ කාර්යබහුලත්වයත් නිසා අද මෙම චාරිත්‍රය සිදු කරන ආකාරයේ යම් වෙසන්කම් දක්නට ලැබුණත්, අවුරුදු චාරිත්‍රවල මේ සදහා හිමි වන්නේ විශේෂ ස්ථානයක්. හිස තෙල් ගෑම සදහා භාවිත කරුනු ලබන නානු පිළියෙල කරගන්නා ආකාරයට දිගු ඉතිහාසයක් තිබෙනවා. නානු සෑදීම සදහා ඖෂධ වර්ග දාහතරක් භාවිත කරනවා. කලාදුරු අල, කුමි කුමප්පු, සුදු හදුන්, විශ්ණුක්‍රාන්ති, ගෝරෝචන, සද්සද මුල්, ඉරිවේරිය, නස්නාරං මුල්, සැවැන්දරා මුල්, නෙළුම් දඩු, ගොඩ මානෙල් අල, බෙලි මුල්, වෙනිවැල්ගැට, ඊ තණ යන ඖෂධ වර්ග මේ සදහා යොදා ගන්නවා. මේවා සමව ගෙන තලා නැවුම් මුටිටියක බහා පත අට දෙකට සිදවා ගන්නවා. එසේ සකස්කරන ලද දියරයට දිවුල්පත් කොටා ඒවායේ යුෂද දෙහි ඇඹුල්ද කළවම් කර ගන්නවා. මේ ආකාරයට සාදා ගන්නා මිශ්‍රණය පිරිසිදු රෙදිකඩකින් පෙරා ගැනීමෙන් අනතුරුව එයට තල තෙල්, මී තෙල්, අබ තෙල්, කොහොඹ තෙල් හා එඩරු තෙල් යන පස් තෙල් එක් කර ගැනීම අතීතයේ සිට පැවත එන ක්‍රමයක්. ඒ ඒ වර්ෂයට අදාළ ශාක පත්‍ර පයට හා හිසට තබා හිස තෙල් ගෑමේ නැකතට ගමේ වැඩිහිටියෙකු හෝ ප්‍රභූවරයෙකු ලවා හිසේ ගැල්වීම මෙම චාරිත්‍රයේදී විශේෂිතයි අතීතයේදී ගමේ වෙද මහතා ප්‍රමුඛ ගමේ පිරිස විවිධ ස්ථානවලට ගොස් මේ සහා අවශ්‍ය ඔෂධ සෙවීමට දින ගණන් කැප කර ඇති බවයි ඉතිහාසයේ සදහන් වන්නේ. අද වන විට කාර්යබහුල ජීවිතයක් ගෙවන ජනතාවට මෙම බෙහෙත් පැළෑටි සෙවීමට කාලයක් නොමැති වීමත් පැළෑටිවල හිගතාවත් නිසා මේ සදහා අවශ්‍ය කරන ඖෂධ සොයා ගැනීම දුෂ්කර කාර්යයක්. මෙයට පිළියමක් ලෙස ආයුර්වේද දෙපාර්ථමේන්තුව මෙම ඖෂධ එකතු කොට කුඩක් ලෙස සකසා වෙළදපොළට එවා ඇති ආකාරය දැක ගන්න පුළුවන්. ආයුර්වේදයේ මූලික අඩිතාලම වන වා, පීත්, සෙම්, යන තුන් දෝශ සමනය වන ආකාරයෙන් අතීතයේ සිට සිදු කරනු ලබන මෙම චාරිත්‍රය අනාගත පරපුරට උරුමකර දීඅප සැමගේ යුතු කමක් නොවන්නේද.

NO COMMENTS

LEAVE A REPLY