අයවැයෙන් පෞද්ගලික අංශයට ශක්තියක් දීම ගැන මුදල් අමාත්‍යංශ අවධානය (Photos)

අයවැයෙන් පෞද්ගලික අංශයට ශක්තියක් දීම ගැන මුදල් අමාත්‍යංශ අවධානය (Photos)

11
0

ඉදිරි අයවැයෙන් පෞද්ගලික අංශය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා ආයතනයේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්‍ෂ මෙන්ගට්සු අල්මයේහු මහතා සමඟ පැවති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. සාකච්ඡාව පැවැත්වුණේ ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදීයි. රාජ්‍ය හා පෞද්ගලික හවුල් ක්‍රමවේදය මඟින් පෞද්ගලික අංශය බලාත්මක කිරීම, දේශීය ආදායම් පනත ක්‍රියාත්මක කිරීම ආදී කරුණු පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී කරුණු දැක්වූවා. මෙම ආයතනය ශ්‍රී ලංකාවේ සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල තිරසර වර්ධනය වෙනුවෙන් මුල්‍ය හා පුහුණු අවස්ථා සලසා දීම ද විශේෂත්වයක්. ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා ආයතනය ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය ද අමාත්‍යවරයා අගය කළා. මේ දක්වා ඇමෙරිකා ඩොලර් බිලියන 1.3ක මුදලක් මෙම ආයතනය ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා. මෙම සාකච්ඡාවට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද සහභාගි වුණා.

 149A7853JPG ifc-1

NO COMMENTS

LEAVE A REPLY