අදින් ඇරඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව

අදින් ඇරඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව

16
0

පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලන්ඩන් නුවර බලා පිටත්ව ගියා. මෙම රාජ්‍ය නායක සමුළුව අද ආරම්භ වන අතර අප්‍රේල් 21 වනදා දක්වා එය පැවැත්වෙනවා.

2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද ආරම්භ කිරීම සඳහා මේ වන විට ලන්ඩන් නුවර සියලු කටයුතු සූදානම්කර තිබෙනවා. මෙවර මෙම සමුළුවේ තේමාව වී ඇත්තේ පොදු අනාගතයක් වෙත යන්නයි. එහිදී සෞභාග්‍යය, සුරක්ෂිත බව, සාධාරණත්වය, තිරසර බව යන අංශ යටතේ පොදු රාජ්‍ය මණ්ඩල රටවල අරමුණ සාක්ෂාත්කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු වනු ඇති. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අවසන් වරට පවත්වනු ලැබුවේ මෝල්ටා රාජ්‍යයේයි. එහි සභාපති ධුරය දරණ මෝල්ටාව මෙවර සැසියේ දී සභාපතිත්වය එක්සත් රාජධානිය වෙත පැවරීමට නියමිතයි. අද සිට අප්‍රේල් 21 වනදා දක්වා සිදුකෙරෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිල සංචාරය තුළදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ මහත්මිය හමුවීමට ද නියමිතව තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයින් කිහිප පළක් සමග සාකච්ඡා කිරීමට ද නියමිතව තිබෙනවා. මෙම රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට අමතරව ජනාධිපතිතුමා විසින් පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදය ඇමතීමට ද නියමිතයි. තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත්කර ගැනීම පිළිබඳව පැවැත්වෙන සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ජනාධිපතිතුමාට ඇරයුම් ලැබී තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සම්මේලනයට මෙන්ම බ්‍රිතාන්‍ය මහ රැජිණගේ අනූ දෙවන ඡන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සැමරුම් උත්සවයකට ද ජනාධිපතිතුමා සහභාගී වනු ඇති. අනතුරුව මෙම සංචාරය අතරතුර ලන්ඩන් නුවර බෞද්ධ විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ද ජනාධිපතිතුමා යාමට නියමිතයි.

NO COMMENTS

LEAVE A REPLY