අගමැතිගේ පින්ලන්ත සංචාරයෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක්

අගමැතිගේ පින්ලන්ත සංචාරයෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක්

9
0

අධ්‍යාපනය , සෞඛ්‍ය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය , ඩිජිටල්කරණය,තොරතුරු සන්නිවේදන තාක්ෂණය ආදී ක්ෂේත්‍ර ගණනාවක් පිළිබදව අවධානය යොමු කෙරුණු අග්‍රාමාත්‍යවරයාගේ ෆින්ලන්ත නිල සංචාරය සාර්ථකව අවසන් කෙරුණා.ෆින්ලන්තය නිදහස ලබා වසර 100ක් සපිරෙන අවස්ථාවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරය දෙරටේ මිතුදම වඩාත් ශක්තිමත්කරන ඓතිහාසික පියවරක් බව ෆින්ලන්ත අග්‍රාමාත්‍ය යූහා සිපිලා මහතා පැවසුවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනපති ධුරයට පත්වීමෙන් පසු සම්මුතිවාදී ජාතික ආණ්ඩුව සිදුකළ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණයන් ද ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්වුණා. අධ්‍යාපනය , සෞඛ්‍ය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය , ඩිජිටල්කරණය, තොරතුරු සන්නිවේදන තාක්ෂණය ආදී ක්ෂේත්‍ර ගණනාවක් පිළිබදව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා.

පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ගත් සාධනීය පියවර ෆින්ලන්ත කතානායිකා මරියා ලෙහෙලා මහත්මියගේ ඇගයීමට ලක්වුණා. ඒ ශ්‍රි ලංකා අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදි.අරගල හා අර්බුදවල පාර්ශ්වකරුවන් නොවී සිය දේශයන් හි අනන්‍යතාව ආරක්‍ෂා කරගැනීමේ වැදගත්කම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ෆින්ලන්ත ආරක්‍ෂක අමාත්‍ය යුසී නීනිස්ට මහතා අතර පැවති සාකච්ඡාවේ දී අවධානය යොමුවුණා.

ෆින්ලන්ත ආර්ථික කටයුතු අමාත්‍ය මිකා ලින්ටිලැ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ද හමුවක් පැවැත්වුණා. එහිදී  ෆින්ලන්ත ආර්ථික කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  ලබන මාසයේ දී දෙරට අතර ඩිජිටල්කරණය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට නියමිත බවයි. ප්‍රජාතන්ත්‍රවාදය , මානව හිමිකම්, සමාජ සාධාරණත්වය , අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන අංශයන් තුළ ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර ධනාත්මක අගයන් සමාන බව ෆින්ලන්ත සමාජ කටයුතු සහ සෞඛ්‍ය ඇමතිනී පිරක්කෝ මත්තිලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කළා.

ෆින්ලන්ත ප්‍රමුඛ පෙලේ ව්‍යවසායන් ක්‍රියාත්මක කරන ෆින්ලන්ත කර්මාන්ත ෆෙඩරේෂණය ශ්‍රී ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා සඳහා වැඩි වශයෙන් සම්බන්ධවීමට කැමැත්තෙන් සිටින බව එහි නියෝජිතයන් ප්‍රකාශ කළා.ෆින්ලන්ත ව්‍යවසායකයන් මෙරටට ගෙන්වා ගැනීම සහ ඒ ඔස්සේ දෙරට අතර සබඳතා වර්ධනයකර ගැනීමට ක්‍රියා කළයුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ ෆින්ලන්තයේ ප්‍රධාන පෙලේ ව්‍යවසායක ආයතන තුනක් සමග සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේයි.

මුහුදු රළ මගින් බලශක්ති උත්පාදනය සඳහා ෆින්ලන්තය සතු අත්තදැකීම් සහ තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදීමට සූදානම් බව එරට ඒ ඩබ්ලිව් බලශක්ති ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ලියෙලෙයුන්ඩ් මහතා අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළා. කසල කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ හසල අත්දැකීම් ඇති ෆින්ලන්ත ෆෝටම් කසල විසඳුම් සමාගමේ ප්‍රධාන නිලධාරීන් සමග ද අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස සාකච්ඡාවක නිරත වුණා.

පෙර පුවත් 

NO COMMENTS

LEAVE A REPLY