පෘථිවියේ පවතින අයිස් ආවරණය මැනීම සඳහා ඇමෙරිකා අභ්‍යවකාශ ඒජන්සිය මගින් ලේසර් කිරණ සහිත චන්ද්‍රිකාවක් කක්ෂගත කිරිමට තීරණය කර තිබෙනවා.
අයිස් සැට් ටූ ලෙසයි මෙම චන්ද්‍රිකාව හදුන්වන්නේ. කාලගුණික විපර්යාස ග්ලැසියර් දියවීමට බලපාන්නේ කෙසේද යන්න මෙමගින් තොරතුරු සපයනු ඇති. පසුගිය දශක කිහිපය තුළ ඇන්ටාර්ක්ටිකාව, ග්‍රීන්ලන්තය සහ ආර්ක්ටික් සාගරයේ ග්ලැසියර විශාල වශයෙන් විනාශයට පත් වුනා. අයිස් සැට් ටූ චන්ද්‍රිකාව පෘථිවියේ සිට කිලෝමිටර් පන්සියක දුරකින් කක්ෂගත කර පුළුල් නිරික්ෂණයක නිරත වීමට නියමිතයි. ඇමෙරිකාවේ කැලිෆෝනියාහි පිහිටි වැන්ඩන්බර්ග් ගුවන්හමුදා කදවුරෙන් එය අද අභ්‍යවකාශ ගත කිරිමට නියමිත බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ.