ගාසා තීරයේ විරෝධතා කරුවන්ට ඊශ්‍රායල හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 4 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 600 ක් තුවාල ලබා ඇති බවයි පලස්තීන වාර්තා සදහන් කළේ. ඊයේ අවස්ථා කිහිපයකදිී ගාසා තීරයේ උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා. ඊශ්‍රායල ආරක්ෂක අංශ ඔවුන් පලවා හැරිමට ප්‍රහාරක රථ යොදාගනිමින් වෙඩි තබා තිබෙනවා. තුවාල ලැබූවන් අතර, කාන්තාවන් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මාධ්‍යවේදියෙකු ද ප්‍රහාරවලින් තුවාල ලැබුවා.