හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක රසායන ද්‍රව්‍ය අඩංගු ටැංකියක් පිපිරීමෙන් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වනවා. එක් තුවාලකරුවෙක් හොරණ මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. බරපතල තත්ත්වයේ පසුවූ අනෙක් තුවාල කරු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.