එංගලන්ත කණ්ඩායමේ ශ්රී ලංකා ක්රිකට් සංචාරයේ නිල ගුවන් විදුලි විකාශන අයිතිය ITN FM නාලිකාවට හිමිවුණා. ඒබව ශ්රී ලංකා ක්රිකට් ආයතනය අද (14) නිවේදනය කළා. එංගලන්ත කණ්ඩායමේ ශ්රී්රී ලංකා සංචාරයට එක්දින තරග පහක් ඇතුලත්. ටෙස්ට් තරග දෙකක් සහ විස්සයි විස්ස තරගයක් ද පැවැත්වෙනවා. තරගාවලිය ආරම්භ වන්නේ ඔක්තෝබර් 10 වනදා. දිවයින පුරා ශ්රවණය වන ගුවන්විදුලියක් ලෙස ITN FM වෙත තරගාවලියේ නිල ගුවන්විදුලි විකාශය හිමිවීම විශේෂත්වයක් බවයි ප්රවීන ක්රිකට් විස්තර විචාරක වජිර කැළුම් පෙරේරා ප්රකාශ කළේ. ශ්රී ලංකා ක්රිකට් ලෝලීන්ට නවමු ආකාරයෙන් තරග තොරතුරු සමීප කරවීමටයි ITN FM සුදානමින් සිටින්නේ.