වීර කතාවල බොහෝ විට අපිට හමුවනුයේ වීරයින් පමණයි. නමුත් වගකීම්, යුතුකම් වෙනුවෙන් සිය ජීවිතය පුද කළ සැබෑ වීරවරියක් පිළිබදවයි මේ සටහන. ඉන්දියාවේ මුම්බායි නුවර ජීවත් වු මාධ්‍යවේදී හරීෂ් භානෝ සහ රාමා භානෝ දෙපළගේ දියණිය ලෙස 1963 සැප්තැම්බර් 7 වැනිදා ඉන්දියාවේ චන්දිගාර් නුවර දී උපත ලද අපේ කතාවේ වීරවරිය නිර්ජා භානෝත් යි.
“අනේ ළමයෝ මම නම් කැමැති නෑ ඔයා ඔය අවදානම් රස්සාව කරනවට” නිර්ජාගේ මව පැවැසුවේ ඇයට ඉවෙන් මෙන් යමක් වැටහුණු නිසාද? “අයියෝ මොනවටද බය වෙන්නෙ. මම මේ රස්සාව කරන්නේ හරිම ආසාවෙන්” මුහුණ පුරා විහිදී යන සුපුරුදු පියකරු සිනාවෙන්ම සැහැල්ලුවෙන් පැවසූ නීර්ජා එදින ද මවගෙන් සමුගෙන මුම්බායි ගුවන් තොටුපොළේ සේවයට වාර්තා කළා.
නීර්ජා සේවය කළ Pan Am Flight 73 ගුවන් යානය සුපුරුදු ලෙස මුම්බායිවලින් ගුවනට පිවිස 1986 සැප්තැම්බර් 5 වැනිදා උදෑසන පාකිස්තානයේ කරච්චියේ පිහිටි ජින්නා අන්තර්ජාතික ගුවන් තොටුපොළට පැමිණියා. එය සූදානම්ව තිබුණේ ඇමෙරිකාවේ නිව්යෝක් වෙත පියාසර කිරීමටයි . එහි ඉන්දියානු, පාකිස්තානු මෙන්ම ජර්මන් හා ඇමෙරිකන් ජාතීන්ගෙන් ද සමන්විත 365ක මගීන් පිරිසක් සහ 13ක සේවක මණ්ඩලයක් ද සිටියා.
මේ අතර ලිබියා සහයෝගීත්වයෙන් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී සංවිධානයේ හතර දෙනකු ගුවන් යානයට ගොඩවූ බව කිසිවකු නොදැන සිටියේ ඔවුන් ප්‍රභූ ආක්ෂක නිලධාරීන් ලෙස වෙස් වළාගෙන සිටි නිසයි. ඔවුන් පැමිණ සිටියේ ඇමෙරිකානු ජාතිකයන් ප්‍රාණ ඇපයට ගැනීමේ අපේක්ෂාවෙන්. ඒ හරහා සයිප්‍රස්හි සිටින තම සිරකරුවන් ගලවාගැනීම ඔවුන්ගේ සැලැස්මයි.
ගුවන් යානයට ගොඩවන මගීන් පිළිගැනීමේ කාර්යයේ යෙදී සිටි නීර්ජාට ඔවුනගේ හැසිරීම පිළිබඳව සැකයක් දැනුණා. වහාම ක්‍රියාත්මක වූ ඇය ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් වෙත පණිවුඩයකින් දැනුම් දුන්නේ ගුවන් යානා කොල්ලකරුවන් පැමිණ ඇති බවයි. ගුවන් යානය ධාවන පථයේම තිබිය දී ගුවන් නියමුවා, සහායක නියමුවා සහ ගුවන් ඉන්ජිනේරුවරයා රහසිගත දොරටුවෙන් ඉවතට පැන ගත්තා. මේ නිසා ගුවන්යානය පියාසර කිරීම වැළකුණු අතර ගුවන් යානය ඇතුළත මුළු වගකීම ම නීර්ජාට භාර වුණා.
අවි රැගෙන තර්ජනය කරමින් සිටින ත්රස්තවාදීන් සමඟ පැය 17ක් පුරා ඇය හා ඇගේ කාර්ය මණ්ඩලය මගීන්ව සන්සුන්ව තැබීමට ඉමහත් වෙහෙසක් ගත්තා. එහි සිටි එක් ඇමෙරිකානු මගියකු හඳුනාගත් කොල්ලකරුවන් ඔහුට වෙඩි තබා බිමට පෙරළා දැමුවේ සියල්ලන්ම භීතියට පත් කරමිනුයි. අනෙක් ඇමෙරිකානුවන් වෙන්කර ගැනීමට ඇමෙරිකන් ගුවන් ගමන් බලපත්‍ර එකතු කර දෙන ලෙස අණ ලැබුණේ ද නීර්ජාට යි. ඇය ඇමෙරිකානුවන් 43 දෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර ගුවන්යානයේ සීට් යට හා වෙනත් ස්ථානවල සඟවමින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර දුන්නේ තම අවදානම ගැන ද නොතකා යි.
කාලය ගත වෙද්දී තවදුරටත් ඉවසාගත නොහී ත්රස්තවාදීන් අහඹු ලෙස වෙඩි තැබීමට පටන් ගත්තා. දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වීම නිසා විදුලි ජනනය බල රහිත වූයෙන් විදුලිය ඇනහිටියේ ය. මුළු ගුවන් යානයම අඳුරේ ගිලිණා. ගුවන් යානා දොරටුවක් විවර කරගත් නීර්ජා ඒ තුළින් මගීන් එකිනෙකා වහා පිටතට යැව්වේ තමාට බේරී යෑමට ඕනෑ තරම් ඉඩකඩ තිබිය දී යි. තම දිවි නොතකා ඇය අන් අයට පිහිට වෙමින් සිටියා.
එම සිද්ධියේ දී පුද්ගලයන් 22ක් මියගියා.මේ නීර්ජා විසින් දිවි ගලවා දුන් මගීන් 343 දෙනාගෙන් එක් අයකුගේ ප්‍රකාශයක් මේ.
“ඒ වෙද්දි ඔවුන් ඉලක්කයක් නැතුව හතර අතේ වෙඩි තබන්නට වුණා. නීර්ජා හදිසි දොරටුවෙන් මගීන්ව ඉවත් කරමිනුයි සිටියේ. ඇය ඇමෙරිකන් දරුවන් තිදෙනෙක් ඉදිරියට පැන ඔවුන්ව වෙඩි පහරින් බේරා ගන්නට උත්සාහ කරද්දී ඔවුන් ඇය දුටුවා. ඇගේ පෝනි ටේලයෙන් ඇද ඔවුන් ඇයට වෙඩි තිබ්බා.”
ඇය එදා ජීවිතය පුදා බේරාගත් සත් හැවිරිදි දරුවා දැන් ගුවන් නියමුවෙක්.
“නීර්ජාට තිබුණේ සංවේදී මානව හිතකාමී හදවතක්. ඇයට ඇගේම යහපත් ප්‍රතිපත්ති තිබුණා. ඇය කුඩා කල සිටම හැම දේම බෙදාහදා ගත්තා. අවසානයේ ඇගේ ජීවිතය පවා……” නිර්ජාගේ පියා ඒ දිනවල මාධ්‍යයට පවසා තිබුණා.
මනා රූ සපුවකින් හෙබි නිර්ජා ඉතාම කෙටි කාලයකින් ඇගේ ජිවීතේ නවමු හැරවුම් ලක්ෂයක් වු ඇගේ රැකියාව ජීවිතේ අවසානය , මරණය දක්වා තමන් රැගෙන යනු ඇතැයි සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.
එදා නිර්ජාගේ හඩ (Get out ran !) යානාවේ සිටි කිසිවකුටත් අදටත් අමතක නොමැති බව ඔවුන් පවසනවා. ඒ මොහොතේ නිර්ජාට දොරටුවෙන් පැන දිවි බේරා ගැනීමට අවස්ථාව තිබුණද ඇය එසේ කළේ නැහැ .සිය ජීවිතයට වඩා සිය මගීන්ගේ ආරක්ෂාව පිළිබඳ සිතු ඇය සිය උපරීම වෙහෙස දරා මගින් ඉතා ආරක්ෂිත ලෙස යානාවෙන් එළියට යැවීමට කටයුතු කළ අතර වෙඩි වරුසා මැද්දේ යානාව ඇතුලේ සිටින මගීන් දොරටුව අසලට රැගෙන ඒමට ඇය කටයුතු කලා.
ඇය සිය වගකීම ඉටු කිරීමට දැඩි ලෙස වෙහෙස වීය.මව්පියන් සොයාගත නොහැකිව අතරමංවු කුඩා දරුවන් තිදෙනකු යානාවේ සිර වී සිටිනු දුටු නිර්ජා ඔවුන් පිටතට රැගෙන එන බව ත්රස්තවාදීන් දුටුවේ අහම්බෙන්. ගත වුයේ නිමේෂයක්. නිර්ජාට සිදුවුයේ වෙඩි වාරුසාවකින් නැහැවෙන්නටයි.
ඇය සිය උත්සාය අත්හැරියේ නැහැ.දරුවන් තිදෙනාගේ ජීවිත බේරා ඔවුන්ව ආරක්ෂිත ලෙස යානාවේ පිටතට තල්ලුකර දැමීය. වෙඩි වරුසාවෙන් නැහැවුණු නිර්ජා සිය 23 වැනි උපන් දිනයට දින දෙකකට පෙර සිය අවසන් හුස්ම පොද වා තලයට මුසු කළේ සිය රාජකාරියේ වගකිම් යුතුකම් වෙනුවෙනුයි. නිර්ජා භානෝ ශ්‍රේෂ්ඨ වීරවරියක් ලෙසින් එදා මුළු ලෝකයේම කතා බහට , ගෞරවයට , ඇගයීමට ලක් වුවා මෙන්ම එදින සමස්ත ගුවන් ක්ෂේත්රයම යටිකුරු කළ දිනයක් බවට ද පත් වුණා.
නිර්ජාගේ කතාවේ අවසානය එදා එසේ සනිටුහන් වුණා. ඇමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් ගමන් ආරක්ෂාව සදහා පදනමේ වීරත්වය උදෙසා පිරිනැමෙන සම්මානයත් Flight Safety Foundation Heroism Award 1987, United States), පකිස්තානු රජයෙන් පිදෙන “තම්ඛාඊ ඉසානියාත්” සම්මානයත් (Tamgha-e-Insaaniyat – මිනිස් වර්ගයා වෙත දක්වන කරුණාවන්තබව සඳහා සම්මානය) ඇය වෙනුවෙන් පිරිනැමුණා.
නීර්ජාගේ මාතෘභූමිය වූ ඉන්දියාවේ රජය ඇයට පුරවැසියෙකු උදෙසා වීරත්වයට පිදෙන ඉහළම සම්මානය වන “අශෝක් චක් රජ සම්මානය” පිරිනමමින් ඉහළතම රාජ්‍ය ගෞරවය ලබාදුන්නේය. මෙම සම්මානය ලබා ගත් පළමු කාන්තාව මෙන්ම ලාබාලතම පුද්ගලයා ලෙසින් එදා ඇය ඉතිහාසයට එක් විය.
පසුකාලීනව ඇය වෙනුවෙන් සම්මාන රාශියක් පිරිනැමුණු අතර 2004 වසරේ දී ඇයගේ රූපය සහිත මුද්දරයක් ද නිකුත් කෙරුණු අතර ඉන්දියන් ගුවන් සේවයට වසර සියයක් සපිරිනු අවස්ථාවේ දී ඇය වෙනුවෙන් විශේෂ උපහාර උළෙලක් ද පැවැත්වුණු අතර 2016 වසරේදී ඇගේ නමින් ඉන්දියාවේ චිත්‍රපටයක්ද ද නිර්මාණය කළා.
එදා සමස්ත ගුවන් සේවයටම ආඩම්බරයක් එක් කළ නිර්ජා භානෝගේ මතකය අදටත් මුළු ලෝකයම සිහිකරනුයේ මහත් ආඩම්බරයකිනුයි. ඇගේ වීර ක්රියාවේ මතකය සිහිපත් කරන්නට නිර්ජා ජීවත්ව නොසිටියත් ඇගේ මතකය කිසි දිනෙක කිසිවකුගේ මතකයෙන් ගිලිහි නොයනු ඇත.
ගුවන් යානා ජ්‍යෂ්ඨ සහායිකාව වෙමින්
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/3XePBVc.png”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/cQ0J4vN.jpg”]
ලේ තැවරී ඇති අයුරු
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/6NQCTWC.jpg”]
මෙය නීර්ජා ගේ අවසන් ඡායාරූපය බව සැලකේ
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/XzzeNG1.jpg”]
2004දී ඇය වෙනුවෙන් ඉන්දියාව එළි දැක්වූ සමරු මුද්දරය
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/zofRLaZ.png”]
ඇයගේ වීරෝධාර ක්‍රියාව නිසා ඇයට ලැබුණු සම්මාන (posthumous awards)
- Ashoka Chakra 1987, India
- Tamgha-e-Insaaniyat (for showing incredible human kindness), Pakistan
- Flight Safety Foundation Heroism Award 1987, United States
- Justice for Crimes Award 2005, United States Attorney’s Office for the District of Columbia, United States
- Special Courage Award 2006, United States Department of Justice, United States
- Civil Aviation Ministry Award 2011, India
- Bharat Gaurav Award presented at the House of Commons, UK Parliament on July 2, 2016
නිර්ජාගේ වීර ක්‍රියාව ඇතුළත් සිනමාපටය
[ot-video type=”youtube” url=”https://youtu.be/vXEpwfjU7PE?t=28″]
සියලුම ත්රස්තවාදීන් අත්අඩංගුවට ගැනුනත් එක් අයෙකු පමණක් වසර 160ක සිර දඬුවමකට යටත්ව සිටී. අනිකුන් ගැන හරිහමන් විස්තරයක් නැත
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/FdzGba4-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/uNjhKrW-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/2102neerja11.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/hqdefault.jpg”]
-ශානිකා රත්නායක-