ශ්‍රී ලාංකේය රියැලිටි සම්ප්රදාය වෙනස් කළ ITN Youth with Talent වැඩසටහනට අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිවුණා. Youth with Talent 3rd Generation ආරම්භ කෙරුණේ එම ප්‍රතිචාර මධ්‍යයේයි. එහි මූලික වටයේ තරග නැගෙනහිර පළාත කේන්ද්‍රකර ගනිමින් ඊයේ පැවැත්වුණා.
අධිෂ්ඨානයෙන් ලොවක් විස්මිත කළ ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ සැබෑ රියැලටි අත්දැකීම බවට Youth with Talent මේ වනවිට පත්ව සිටිනවා. ජාතික තරුණ සේවා සභාව සහ ITN මාධ්‍ය ජාලය ඒකාබද්ධව සංවිධාන කරන Youth with Talent 3rd Generation තරගාවලියේ මූලික වටයට ද තරගකරුවන් විශාල පිරිසක් ඉදිරිපත්ව සිටිනවා. නැගෙනහිර පළාත නියෝජනය කරමින් ඉදිරිපත් වූ තරගකරුවන් සිය සුවිශේෂි හැකියාවන් ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ප්‍රදර්ශනය කළා. අද දවස පුරා අම්පාර යොවුන් නිකේතන පරිශ්‍රයේ පැවති පළමු වටයේ තරග සදහා සිංහල , දෙමළ මෙන්ම මුස්ලිම් ජාතීන් නියෝජනය කරමින් තරගකරුවන් එක්ව සිටීම ද විශේෂත්වයක්. වයඹ , බස්නාහිර ,දකුණ සහ සබරගමුව යන පළාත්වල යූත් විත් ටැලන්ට් තර්ඩ් ජෙනරේෂන් තරගාවලියේ පළමු වටයේ තරග ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි.