ජලගැලීම් හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වුණු දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයට සෞඛ්‍ය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.
ඒ පසුගිය දින දෙක තුළ බැක්ටීරියාවක් සහ මී උණ තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වීමත් සමගයි. මෙය වසංගත තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. ඉන් වැළකී සිටීමට උපදෙස් ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බව සදහන්. එරට සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම තත්ත්වය පාලනය කිරීමට කඩිනම් පියවර ගනිමින් සිටින බවයි. පසුගිය ජුනි මාසයේ සිට මේ දක්වා කේරල ප්‍රාන්තයට බලපෑ ජලගැලීම් හේතුවෙන් පුද්ගලයින් 400 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.