අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ රාජ්ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී දිසානායක යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්ර සූත්ර සහ ගොඩනැගිලි පවරාදීමට අනුමැතිය ලබාදිම සදහා ඉන්දියානු සමාගමකින් රුපියල් කෝටි පනස් හතරක් අල්ලස් ඉල්ලා ඉන් කෝටි දෙකක් ලබා ගත් බවටයි සැකකරුවන්ට චෝදනා එල්ල වි ඇත්තේ. ඔවුන් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට අද යළි ඉදිරිපත් කෙරුණා. ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණක් නොමැති බවයි ප්රධාන මහේස්ත්රාත්වරයා කියා සිටියේ. ඒ අනුව සැකකරුවන් ලබන 18 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.