හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුව විශේෂ මහාධිකරණයේ විභාග කිරීම පිළිබද අගවිනිසුරුවරයාගෙන් විමසන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා අධිකරණයට දැනුම් දුන්නා. අදාළ නඩුව අද කැද වු අවස්ථාවේයි මේ බව ප්‍රකාශ කෙරුණේ.
2014 වර්ෂයේදී ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ක්‍රීඩා උපකරණ මිලදී ගැනීමේදී රුපියල් පන්කෝටි තිස් එක් ලක්ෂයක මුදලක් අවභාවිත කළ බවට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට චෝදනා එල්ල වි තිබෙනවා. ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද විභාගයට ගැනුණා. මෙම නඩුව විශේෂ මහාධිකරණයේ විභාග සදහා යොමු කරනවාද නැත්නම් මහාධිකරණයේ විභාගයට ගන්නවාද යන්න පිළිබද අගවිනිසුරුවරයාගෙන් විමසන බව නියෝජ්‍ය සාලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා දැනුම් දුන්නා. නඩුව නොවැම්බර් මස 16 වනදා කැදවීමට නියමිතයි.