මහවැලි ගගේ අතු ගංගාවක් වන පෙරියආරු තුම්මෝදර අමුණ අසළ දී මඩේ එරුණු අලින් හත්දෙනා ගොඩ ගැනීමෙන් පසු මිහිදන් කිරීමේ කටයුතු සිදුකෙරුණා. සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිට වන අලි ගමන් කරන අලිමංකඩකදී වන අලි රංචුව මඩේ එරීමට ලක්වුණේ මීට දින හතරකට පමණ පෙරයි.
මෙම භූමියෙහි විශාල ලෙස තට්ටු කිහිපයකට දියගෝවා නම් ජලජ ශාකය වැඩී පවතිනවා. ඒ මත ගමන් කරද්දීයී අලි රංචුව මඩේ එරී ඇත්තේ. වන අලින්ගේ සිරුරු දියමත පාවෙන අයුරු දැක ප්‍රදේශවාසීන් ඒ බව වනජීවි නිලධාරීන්ට දැනුම් දුන්නා. ඒ අනුවයි අලින් ගොඩගැනීමේ මෙහෙයුම් ආරම්භ කෙරුණේ. යුද හමුදාවේ මැදිහත් වීමෙන් අලින් ගොඩට ගැනීමේ කටයුතු සිදු කෙරුණා. මඩේ එරී ගොඩගැනුනු අලි පස් දෙනෙකුගේ හා දියේ ගසාගෙන ගොස් තිබියදී හමුවූ අලි දෙදෙනෙකුගේ සිරුරු මිහිදන් කෙරුණා. අලි මඩේ එරීමට ලක්වූ ස්ථානය වෙත ගිය අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජලජ ශාක ඉවත් කිරීමට උපදෙස් ලබාදුන්නා.
අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=C-n5pEigsQo&feature=youtu.be”]