Back to homepage

9/11 ප්‍රහාරයට වසර 17යි..

9/11 ප්‍රහාරයට වසර 17යි..

පැහැරගත් ඇමරිකානු ගුවන් යානා හතරක් මගින් නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට සහ වොෂිංටනයේ පෙන්ටගන් ගොඩනැගිල්ලට ඇතුලු තවත් ස්ථානයකට එල්ල කළ ප්‍රහාරයේ 17 වන සැමරුම අදට (11) යෙදී තිබෙනවා.

ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 3000 කට ආසන්නයි. තවත් හයදහසකට අධික පිරිසක් මෙහිදී තුවාල ලැබුවා.

ගුවන් යානා හතරෙන් දෙකක් නිව්යෝක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ද්විත්ව කුලුනු හෙවත් උතුරු සහ දකුණු මැඳුරු දෙකෙහි ගැටීමට සළස්වා තිබුණා.

තෙවැන්න ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය හෙවත් පෙන්ටගනයට කඩා වැටෙන්න සැළැස්සුවා. සිවුවැනි ගුවන් යානය පෙන්සිල්වේනියාවේ ෂැන්ක්විල් නමැති පිටිසර බඳ පළාතට කඩා වැටුණා.

අල්කයිඩා ඉස්ලාමීය අන්තවාදී සංවිධානයේ සාමාජිකයන් 19 දෙනෙකු විසින් 2001 වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා එල්ල කළ මෙම ප්‍රහාරයෙන් නිව්යෝක් ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල බිමට සමතලා වුණා.

අමෙරිකාව, 9/11 යනුවෙන් ප‍්‍රකට එම ප‍්‍රහාරය සෑම වසරක් පාසාම සමරනු ලබනවා.


Back to homepage

Similar Photo Galleries