Back to homepage

ලෝකයේ දිගම මුහුදු ගුවන් පාලම

ලෝකයේ දිගම මුහුදු ගුවන් පාලම

මේ තියෙන්නේ  ලෝකයේ දිගම මුහුදු පාලමේ පින්තූර. මේ පාලම කිලෝමීටර 55ක් දිගයි. චීනයේ ෂූහායි සිට හොංකොං සහ මැකාවූ දක්වා විහිදෙනවා. මීට වසර නවයකට කළින් ඉදිකිරීම් ආරම්භ කෙරුණ මේ පාලමේ කටයුතු අවසන් කිරීමට තිබුණේ පසුගිය 2016 වසරේදීයි. ඒ වෙද්දි මුහුණ දෙන්න සිදු වුණ විවිධ දුෂ්කරතතා නිසා පාලමේ වැඩ කටයුතු ප්‍රමාද වුණා.

පැය 4 ක ගමන් කාලයක් විනාඩි 45 ක් දක්වා අඩුකරගන්න ඩොලර් බිලියන 20 ක් වියදම් කරමිනුයි මේ පාලම නිර්මාණය කරලා තිබෙන්නේ.

මේ දැවැන්ත පාලම සදහා වානේ ටොන් හාර ලක්ෂයක් යොදාගෙන තිබෙනවා . ඒ වගේම තමයි මුහුද යට ඉදිකෙරුණු උමඟක් මගින් නෞකා ගමනාගමනයට ද  ඉඩ සළසා තිබෙනවා.

 


Back to homepage

Similar Photo Galleries