Back to homepage

පාප් වහන්සේ දෙපතුල් සිපගනිමින් කළ ඉල්ලීම

පාප් වහන්සේ දෙපතුල් සිපගනිමින් කළ ඉල්ලීම

වසර පහක් තිස්සේ ඔවුන් එකිනෙකා සමඟ පොර බැදීමේ සටනේදී 400,000 ක් ඝාතනය කර ඇති අතර, තවමත් මිලියන හයක පමණ මිනිසුන් කුසගින්නෙන් මියදෙමින් සිටිනවා. මිලියන හතරකට උන්හිටි තැන් අහිමිවූ අතර ආර්ථිකයට කළ විනාශය මෙතැකයි කියන්නට බැහැ.

2019 අප්‍රියෙල් 11 වන දින දකුණු සුඩානයේ සභාපති සැල්ව කීර් සහ ඔහුගේ උපසභාපති රයික් මාචර්, වතිකානු කාසා සැටා මාතා හි අසුන් ගත්තා. ෆ්රැන්සිස් පාප්වහන්සේ ඔවුන්ගේ දුර්වල සාම ගිවිසුමේ නොකඩා සාමයේ රැඳී සිටින මෙන් ආයාචනා කළා.

පාප්වහන්සේ කතාව නිම කිරීමෙන් අනතුරුව නැඟී සිටිමින්, ලෝකයේ ලාබාලතම රාජ්යයේ සටන් නායකයන් වෙත ඇවිදිමින් ඔවුන්ගේ දෙපා සිප ගන්නට වුණා. මාචර්, පාප් වහන්සේ ඉදිරියෙන් විත් නැවී සිටීම වැළැක්වීමට උත්සාහ කළා. ෆ්රැන්සිස් ඔහුට කිව්වෙ “මට ඉඩ දෙන්න.”

කීර් සහ මාචර්ගේ පමණක් නොව නිදහස් ස්වාධීන දකුණු සුඩානයක් වෙනුවෙන් ජීවිතය කැප කළ මිනිසා වන මියගිය ජාවා ගරංග්ගේ බිරිඳ වන රබෙක්කා නින්ඩෙන්ග් ඇතුලුව රැස්ව සිටි අනෙකුත් දේශපාලන නායකයින්ගේ දෙපා පාප් වහන්සේ සිපගන්නට වුණා.

කෙන්ටර්බරිහි අගරදගුරු වන ජස්ටින් වෙල්බි, මෙම සිද්ධිය දැකීමෙන් අනතුරුව මානසිකව කම්පනයට පත්වූ අතර, මෙසේ ප්‍රකාශ කර තිබුණා.
“ක්‍රිස්තුස් වහන්සේගේ අනාවැකිමය කැඳවීම අපි අසා ඇත්තෙමු.
දැන් අපි ඔබ සාම තානාපතිවරුන් ලෙස පත් කරන්නෙමු. ”
උන්වහන්සේ සෑම නායකයෙක්ම පහත දැක්වෙන පණිවුඩය භාර දුන්නා.
“එකට එකතු වන්න. බෙදී යන දෙය ජය ගන්න. ”

ෆ්රැන්සිස් පාප්වහන්සේ දේශනා කරන්නේ “Peace is possible”
“I shall never tire of repeating this: peace is possible!”

මෙම සිදුවීම, සාමය සඳහා ෆ්රැන්සිස් පාප්වහන්සේ ගන්නා ප්‍රයත්නයේ දී නායකයින් ඒ වෙනුවෙන් ගන්නා පියවරයන්වල බරපතලකම පරීක්ෂා කිරීමට අවස්ථාවක් වනු ඇති.


Back to homepage

Similar Photo Galleries