පුත්තලම කොළඹ ප්රධාන මාර්ගයේ නාගවිල්ලුව ප්රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු මිය ගොස් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද අළුයම පුත්තලම කොළඹ ප්රධාන මාර්ගයේ යාපනයේ සිට කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයක් හා ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් පුද්ගලයින් 4 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වෑන් රථයේ ගමන්ගත් රියදුරු ඇතුළු අට දෙනෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබෙනවා. මිය ගිය අය අතර වෑන් රථයේ ගමන්ගත් ගැබිණි කාන්තාවක් හා තවත් කාන්තාවන් දෙදෙනෙකු ද වනවා. බරපතල තත්ත්වයේ පසුවූ පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලවෙත යවා ඇති බවයි වාර්තාවන්නේ. ටිපර් රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය පරික්ෂණ පවත්වනවා.