හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇතුලු තුන් දෙනෙකුට එරෙහිව 221ට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා. නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා එය ගොනුකර ඇත්තේ රටතුළ උද්ගතවී ඇති නොසන්සුන් තත්ත්වය මත ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව පවසමින්.
පාර්ලිමේන්තු සැසිවාරය නොවැම්බර් 16 වැනිදා තෙක් කල්තැබීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු අගමැති රනිල් වික්රමසිංහ සහ කථානායක කරු ජයසුරිය යන මහත්වරුන් මෙන්ම නීතිපතිවරයා නම්කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.