පාරිභෝගික භාණ්ඩ දහඅට දහසකට අධික සංඛ්‍යාවක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.
රජයේ බදු සහන ප්‍රතිලාභය ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි එම අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් එම් එච් එම් ෆවුසර් මහතා ප්‍රකාශ කළේ.
භාණ්ඩ නිෂ්පාදන සමාගම් සහ ආයතන 700 ක පමණ ප්‍රමාණයකින් ලිඛිතව විමසීමෙන් අනතුරුවයි මෙම පියවර ගෙන තිබෙන්නේ. ඒ අනුව ගොඩනැගිලි ද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය, ළදරු නිෂ්පාදන, රූපලාවන්‍ය නිෂ්පාදන, විදුලි උපකරණ සහ ගෘහ උපකරණ ඇතුළු භාණ්ඩ රැසක මිල අඩු කිරීමක් රජයේ බදු සහන ප්රතිලාභ යටතේ සිදු කිරීමට නියමිත බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල්වරයා සදහන් කරන්නේ.
බදු සහන ප්‍රතිලාභය යටතේ කිරි පිටි සහ සිමෙන්ති මිල අඩු කිරීමටද එම අධිකාරිය මීට පෙර පියවර ගත්තා.