2018 වසර සදහා ජනතාව ලබාගත් ණයවල පොලී ගෙවීමට රජය රුපියල් මිලියන පන්දහස් දෙසිය පනහක සහනාධාරයක් වෙන්කර තිබෙනවා. එම මුදල උපයෝගී කරගනිමින් මෙරට ආර්ථිකය තුළ රුපියල් මිලියන හැටදහසකට ආසන්න ප්‍රාග්ධනයක් සිදුකිරීම රජයේ අපේක්ෂාවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ණය යෝජනා ක්‍රම එළිදැක්වීමේ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වුණා.
ශ්‍රී ලාංකිකයන් සතු ව්‍යවසායික නිපුණතාවය ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසායික පාරාදීසයක් ලෙස මෙරට යළි ගොඩනැගීම සදහා 2018 අයවැය තුළින් රජය එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හදුන්වාදුන්නා. රජයේ පොලී සහනාධාර සහිත ණය යෝජනා ක්‍රම රැසක් මෙම වැඩසටහන යටතේ දියත් කිරීමට නියමිතයි. එහිදී රාජ්‍ය හා පෞද්ගලික බැංකු, විදේශීය මූල්‍ය සහයෝගීතා ආයතන හා අනෙකුත් සහභාගිත්ව ආයතන සමග ඒකාබද්ධව ක්‍රියාත්මක මෙම වැඩසටහන සදහා අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යාංශය අදාළ බැංකු වෙත ලබාදී තිබෙනවා. ඒ අනුව එම බැංකු අදාළ ණය පහසුකම් ලබාදීම මේ වන විටත් ක්‍රියාත්මකයි.
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යෝජනා ක්‍රම 16 කින් සමන්විත වන අතර පොලී සහනාධාර ණය යෝජන ක්‍රම 11ක්, විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක වන ප්රතිමූල්ය ණය යෝජනා ක්‍රම 03 ක්ද ඇතුළත්. මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සැළසෙන වැඩසටහන් 02 ක්ද ඊට අන්තර්ගතයි. මෙකී සහන ණය යෝජනා ක්‍රම සදහා 2018 වසර තුළ පොලීසහනාධාර ගෙවීමට පමණක් රජය රුපියල් මිලියන 5250ක් වෙන්කර තිබෙනවා. එම මුදල උපයෝගී කරගනිමින් මෙරට ආර්ථිකය තුළ රුපියල් මිලියන හැටදහසකට ආසන්න ප්‍රාග්ධනයක් සිදු කළ හැකි වෙතයි රජයේ අපේක්ෂාවයි. මෙමගින් නව රැකියා 50000 කට වැඩි සංඛ්‍යාවක් බිහිවනු ඇති. මෙම ණය ලබා ගැනීම සඳහා බැංකුවල වෙනමම කවුලුවක් විවෘත කර තබන අතර ණය නිකුත් කිරීම සඳහා වෙනමම නිලධාරියෙකු පත් කිරීම ද විශේෂත්වයක්. සංකේතාත්මකව ණය පහසුකම් ප්රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.
අමාත්‍ය මංගල සමරවීර,
[ot-video type=”youtube” url=”https://youtu.be/lEhvTIFsYtU”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/01-16-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/04-2.jpg”]