දුම්රිය මැදිරිවල ආරක්ෂාවට සිවිල් ඇඳුමෙන් යුත් දුම්රිය ආරක්ෂක නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. එසේම දුම්රිය මැදිරි තුළ විනාශකාරී ක්‍රියාවල යෙදෙන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=W5MGSlzSfPY&feature=youtu.be”]
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=tEz-dNhHlBY&feature=youtu.be”]
නවීකරණය කළ මැදිරි 10 කින් යුත් විශේෂ දුම්රිය ධාවනයට එක් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ඇරඹූ දුම්රිය මාතර බලා ධාවනය කෙරුණා. දේශීය කර්මාන්තකරුවන් දිරි ගැන්වීමේ අරමුණින් අබලන් දුම්රිය මැදිරි 200 ක් පූර්ණ පහසුකම් සහිතව නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය වසරේ ආරම්භ කළා. මේ වන විට එවැනි දුම්රිය මැදිරි 25 ක් නවීකරණය කර ධාවනය සඳහා යොදවා තිබෙනවා. මෙම එක් මැදිරියක් නවීකරණය කිරීමට රුපියල් මිලියන 14ක මුදලක් වැය වන අතර මැදිරියක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 60 ක පමණ මුදලක් වැය වනවා. අදාළ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 2. 4 ක මුදලක් රජය වෙන්කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.