ලෝක සාම දර්ශකයේ ස්ථාන පහකින් ඉදිරියට පැමිණීමට ශ්රී ලංකාව සමත්ව සිටිනවා.මේ වසරේ ලෝක සාම දර්ශකයට අනුව 67 වැනි ස්ථානය තහවුරුකර ගැනීමට ශ්රී ලංකාව සමත්වුණා.
ශ්රී ලංකාව ලබා ඇති සමස්ත ලකුණු ප්රමාණය 1.954ක්. දකුණු ආසියා රටවල් අතරින් ශ්රී ලංකාව සිටින්නේ දෙවැනි ස්ථානයේයි. භූතානය සාමකාමීත්වය අතින් කලාපයේ පෙරමුණේ සිටිනවා. ලොව වඩාත්ම සාමකාමී රට බවට පත්ව ඇත්තේ අයිස්ලන්තයයි. 2008 වසරේ සිට එම ස්ථානය රැක ගැනීමට අයිස්ලන්තයට හැකිවුණා. නවසීලන්තය , ඔස්ට්රියාව, පෘතුගාලය සහ ඩෙන්මාර්කය පිළිවෙළින් දර්ශකයේ මුල් ස්ථානවලට පැමිණ ඇති බව සදහන්. සාම දර්ශකයේ පහළම මට්ටමේ පසුවන්නේ සිරියාවයි. රටවල් 163 ක දත්ත පාදක කර ගනිමින් ලෝක සාම දර්ශකය සකස්කර තිබෙනවා. සාම දර්ශකයට අනුව සමස්ත ලෝකයේම සාමකාමීත්වය 0.27කින් පහත වැටී තිබෙනවා. ලෝක සාම දර්ශකය සාමකාමීත්වය පිළිබද ඇති ප්රමුඛතම දර්ශකයයි.