තුර්කි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.තුර්කි ජනාධිපති රිසෙප් තයිප් එර්දෝගන් දෙවන වරටත් ජනාධිපතිධූරයට තේරීපත්වනවාද යන්න මෙම මැතිවරණයෙන් තීරණය කෙරෙනු ඇති.
මෙරට වේලාවෙන් පෙරවරු 11.00 ට පමණ ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ වුණා. ඡන්ද ප්‍රකාශ කිරීම සදහා මිලියන පනස් හයයි දශම තුනයි නවයක පිරිසක් සුදුසුකම් ලබා සිටියා, ඔවුන්ගෙන් මිලියන 03කට ආසන්න පිරිසක් විදෙස් රටවල ජීවත්වන තුර්කි වැසියන්. මෙම ජනාධීපතිවරණයෙන් අනතුරුව තුර්කි ව්‍යවස්ථාවේ වෙනස්කම් කිහිපයක්ද සිදු කිරීමට නියමිතයි. මැතිවරණ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශ කෙරෙනු ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. වසර 15ක කාලයක් මුළුල්ලේ පැවති සියලු මැතිවරණයන්හි ජය හිමි වූයේ ජනාධිපති එර්දෝගන් හටයි.