ජාත්‍යන්තර ක්ෂමා ආයතනය විසින් ප්‍රකාශයට පත් කළ වාර්ෂික වාර්තාවට අනුව ගෙවීගිය වසර තුළ දී වැඩිම මරණ දඬුවම් සංඛ්‍යාවක් ක්‍රියාත්මක කළ රටවල් පහ අතරින් පළමු තැන ගැනීමට චීනය සමත්ව තිබෙන බවට වාර්තා වනවා.නමුත් මරණ දඬුවම් ලබාදුන් පුද්ගලයන් ගේ සංඛ්‍යාව සහ මරණ දඩුවම්වල විස්තරයක් හෝ චීන රජය එළි දක්වන්නේ නැත. එම තොරතුරු රජයේ රහස් යන ලේබලය යටතේ අතිශය රහස්‍යභාවයකින් යුතුව තබා ගනී. 2016 වසරේ දී පමණක් ක්‍රියාත්මක කළ මරණ දඩුවම් සංඛ්‍යාව එම වසර තුළ දී ලොව සෙසු රටවල් විසින් ක්‍රියාත්මක කළ මරණ දඩුවම් සංඛ්‍යාවේ එකතුව ද ඉක්මවා යන අගයක් ගෙන ඇති බවටයි සඳහන් වන්නේ.
අපරාධවලට ලබාදෙන දඩුවම් සම්බන්ධයෙන් සාධාරණ නොවන අන්දමේ නීතිමය පද්ධතියකට වහල්වූ රටක් ලෙස ද චීනය ප්‍රකට වේ.ඊට හේතුව චීනයේ අධිකරණ රාමුව තුළ විත්තිකරු වරදකරු වන ප්‍රතිශතය 99%ක් වන අතර අපරාධ නඩු බහුතරයක් නීතිඥ සහයකින් තොරව අසනු ලබන හෙයින් විත්තිකරුට සාධාරණ නඩු තීන්දු ලැබීමේ අවස්ථා විරල වීමයි.
ක්ෂමා සංවිධානය ප්‍රකාශයට පත්කළ මරණ දඩුවම් ක්‍රියාත්මක කිරීම අතින් පෙරමුණ ගන්නා රටවල් ලයිස්තුවේ චීනය සමඟ කරට කර සිටින සෙසු රටවල් වන්නේ ඉරානය, ඉරාකය, පකිස්ථානය හා සෞදි අරාබිය යි.