කෑගල්ල, පිටිහුම ප්රදේශය හරහා හමාගිය තද සුළඟින් නිවාස කිහිපයකට හා වගාවන්ට හානි සිදුව තිබෙනවා. අද(23) උදෑසන ධාරාණිපාත වර්ෂාවත් සමගයි තද සුළං තත්ත්වය ඇතිවී තිබෙන්නේ. ගස් කඩාවැටීමෙන් ප්රදේශයේ නිවාස හා වගාවන්වලට මෙන්ම විදුලි සහ දුරකතන රැහැන් වලට ද හානි සිදුව තිබෙනවා. මේ හේතුවෙන් ප්රදේශ කිහිපයක විදුලිය බිදවැටී පැවති බවද වාර්තා වනවා. සිදුවූ හානි පිළිබඳ තොරතුරු රැස්කරමින් පවතින අතර සහන සැලසීමට පියවර ගන්නා බවයි කෑගල්ල ප්රාදේශීය ලේකම් නාලිකා පියසේන මහත්මිය ප්රකාශ කළේ.