කොළඹ නාගරික සීමාවේ ජල සැපයුම අඩු පීඩනයකින් සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අත්‍යවශ්‍ය ජලනළ අලුත්වැඩියාවක් හේතුවෙන්. අද දහවල් 12 සිට රාත්‍රී 12 දක්වා පැය 12 ක කාලයක් කොලඹ මහ නගර සභා සීමාවේ ජල සැපයුම අඩු පීඩන තත්වයක් යටතේ සිදුකෙරෙන බවයි ජල සම්පාදන මණ්ඩලය සදහන් කළේ. ඒ හේතුවෙන් අවශ්‍ය ජලය කල්තබා රැස්කරගන්නා ලෙසත්, ජල සම්පාදන මණ්ඩලය කොළඹ නාගරික ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.