දේශීය කර්මාන්තකරුවන්ට බදු සහන ලබා දීමටත් කර්මාන්තකරුවන් මෙරටට යන්ත්‍රෝපකරණ ගෙන ඒමේදී අය කරන වැට් බදු ඉවත් කිරීමටත් තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දේශීය කර්මාන්ත ශක්තිමත් කරන අතරම ලෝක වෙළෙඳපොළ වෙත ද පිවිසීම සිය අරමුණ බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
මිල්ලනිය බණ්ඩාරගම ප්‍රදේශයේ ඉදිකෙරුණු උක්වත්ත ගෝල්ඩන් බිස්කට් කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. දේශීය කර්මාන්ත විනාශ කරන බවට ඇතැම් පාර්ශ්ව සිදු කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියාසිටියා. දේශීය කර්මාන්ත දියුණු කිරීමට හා ඒවා ආරක්ෂා කිරීමට රජයේ මැදිහත්වීමෙන් විශාල වැඩකොටසක් සිදු කරන බව ද අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
[ot-video type=”youtube” url=”https://youtu.be/i78Gp7vzxVc”]