මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළෙදසලක් කොල්ලකෑමට පැමිණි හය දෙනෙකු සහ පොලීසිය අතර ඇතිවූ වෙඩි හුවමාරුවට සම්බන්ධ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වෙඩි ප්රහාරයෙන් එක් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් හතරදෙනෙකු තුවාල ලැබුවා. පොලිස් ප්රතිප්රහාරවලින් තුවාල ලැබූ කොල්ලකරුවන් තුන් දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත්ව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාතර නගරයේ පිහිටි මෙම ස්වර්ණාභාරණ වෙළෙදසැල කොල්ලකන බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ලැබී තිබෙනවා. ඒ අනුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට කොල්ලකරුවන් වෙඩි තැබූ බව සිද්ධිය ඇසින් දුටුවන් පවසනවා. දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු මාතර රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී බරපතල තත්ත්වයේ සිටි පොලිස් නිලධාරියෙකු මියගියා. තුවාල ලබා සිටින සිවිල් වැසියන්ගෙන් එක් අයෙකු බස් කොන්දොස්තරවරයෙක්. ඔහුගේ තත්ත්වයද බරපතල බවයි වාර්තා වන්නේ. මෙම ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමට හය දෙනෙකුගෙන් සමන්විත කල්ලියක් පැමිණ තිබෙනවා. පොලීසියේ ප්රතිප්රහාර හමුවේ කොල්ලකරුවන් පැමිණි යතුරුපැදි අතහැරදමා මාර්ගයේ තිබූ වෙනත් යතුරුපැදි කොල්ලකා පළාගොස් තිබෙනවා. එහිදී කොල්ලකරුවන් හඹාගිය පොලිස් කැබ් රථයක් ද අනතුරට ලක්වුණා. කෙසේ වෙතත් එක් කොල්ලකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිව තිබෙනවා. ඔහු මෙම කොල්ලයේ ප්රධාන සැකකරු බවටයි විශ්වාස කෙරෙන්නේ.
කොල්ලකරුවන් සහ පොලීසිය අතර මාතරදී වෙඩි හුවමාරුවෙන් තුනක් රෝහලේ
මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළෙදසැලකට කඩාවැදුණු කොල්ලකරුවන් පිරිසක් සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුවුණා. එහිදී එක් පොලිස් නිලධාරියෙකු මියගොස්. තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලබාදුන් තොරතුරකට අනුව පොලීසිය එම ස්ථානයට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේයි කොල්ලකරුවන් සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුවුණේ. කොල්ලකරුවන් මාර්ගයේ තිබූ යතුරුපැදි කොල්ලකා එම යතුරුපැදිවලින් පලාගොස් තිබෙනවා.