අධිකරණය මගින් වැරදිකරු වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට ඇප මත මුදාහැරුණා. ඒ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණයේදී බැනවැදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ වරදකරු බව අධිකරණය පසුගියදා තීන්දු කළා. ඒ අනුව උන්වහන්සේ වරදකරු වූ චෝදනා දෙකට මාස හය බැගින් බරපතල වැඩ සහිත සිර දඩුවම් නියමකර එය මාස හයකින් එකවර ගෙවීයන සේ දඩුවම් නියම කෙරුණා. ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද දෙවන දිනටත් සළකා බැලුණා. එහිදී උන්වහන්සේට ඇප නියම කෙරුණේ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
උන්වහන්සේට විදෙස් ගතවීම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයා දැනුවත් කිරීමට ද කටයුතු කරන ලෙස නියෝග කළා. බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට එරෙහිව මෙම නඩුව ගොනුකෙරුණේ 2016 වසරේ ජනවාරි මාසයේදීයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/ganasara2.png”]