ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ බිරිඳට මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙනවා. අග්‍රාමාත්‍ය නිල නිවසේ ආහාර සැපයිමේ කොන්ත්‍රාත්තුවක් ආශි‍්‍රතව මූල්‍ය වංචා සිදුව ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයෙක් ද ඊට සම්බන්ධ බවට සාක්ෂි ලැබී තිබෙනවා. එභෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ සදහන් කර තිබෙන්නෙ. සියලු සාක්ෂි සමාලෝචනය කිරිමෙන් පසු නඩු පැවරීමට කටයුතු කරන බව ඊශ්‍රායල බලධාරින් පවසනවා.