විසිදෙනෙකු රැගත් ජිප් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් පහළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදු වූ මෙම අනතුරට හේතුව ජීප් රථය තුළ සීමාව ඉක්මවා විශාල පිරිසක් ගමන් කිරීම බවයි වාර්තා වන්නේ. අනතුරට පත්වූයේ එකම පවුලේ සාමාජිකයින් පිරිසක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. පවුලේ ඥාතියෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීම සඳහා යමින් සිටියදීයි ඔවුන් අනතුරට ලක්ව තිබෙන්නේ. ඔවුන් ගමන් ගත් ජීප් රථය ට්‍රැක්ටරයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. විසිදෙනාගෙන් පහළොස් දෙනෙකු මිය ගිය අතර ඉතිරි පස් දෙනා තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මියගිය අය අතර කාන්තාවන් පස්දෙනෙකු ද වනවා.