ඇටමිදුළු බද්ධ කිරීමෙන් තැලසීමියා රෝගය නිට්ටාවට සුවකළ හැකි බව විශේෂඥ වෛද්‍ය දයානන්ද බණ්ඩාර මහතා පවසනවා. ශ්‍රී ලාංකික රෝගියෙකුට ඉන්දියාවේ දී කළ සැත්කමක් සාර්ථක වී ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාව තුළද තැලසීමියා රෝගීන් සැලකිය යුතු පිරිසක් සිටිනවා. මෙම රෝගයෙන් පෙළෙන දරුවන්ගේ ආයු කාලය ඉහළ නංවා ගැනීම සඳහා වෛද්‍යවරුන් විවිධ පර්යේෂණ සිදු කරනවා. ඒ අනුව ඇටමිදුළු බද්ධ කිරීම සාර්ථක වී ඇති බව ඉන්දියාවේ සිදුකළ සැත්කමකින් සනාථ වී තිබෙනවා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ 19 හැවිරිදි තරුණියකට සිදුකළ එම සැත්කමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව එම රෝහලේ පැවති මාධ්‍ය හමුවක දී හෙළි වුණා. මෙම සාකච්ඡාවට ඉන්දියාවේ ග්ලෝබල් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ද සහභාගී වුණා.
වෛද්‍ය දයානන්ද බණ්ඩාර,
[ot-video type=”youtube” url=”https://youtu.be/jnCaNsx3OHg”]