රක්ෂිත වනාන්තරයකදී වනජීවි කාර්යාල නිලධාරින් පිරිසකට වන අලි ප්‍රහාරයක් එල්ල වුනා. ඒ ගිරාදුරුකෝට්ටේ පොලිස් වසමේ විරානගම ප්‍රදේශයේදී. බරපතළ තුවාල ලැබූ එක් නිලධාරියෙක් ගිරාදුරුකෝට්ටේ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා. මරණ පරික්ෂණය අද (20) සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.