නීති විරෝධී ලෙස තිරිඟු ඇට බහාලුම් තොගයක් මෙරටට ගෙන්වූ ව්‍යාපාරිකයාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
ව්‍යාපාරිකයෙකු සත්ත්ව ආහාර සැලසීම සඳහා යැයි පවසමින් තිරිඟු ඇට බහාලුම් 107ක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒම පිළිබඳ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තොරතුරු හෙළිදරව් කරගෙන තිබෙනවා. තිරිඟු ඇට තොගය සහිත බහාලුම් අත්අඩංගුවට ගැනීමට සහ අදාළ ව්‍යාපාරිකයාගේ බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශ ලේකම් බී විජයරත්න මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. එසේම එම ව්‍යාපාරිකයාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා.