ජාතික අපනයන උපායමාර්ගික සැලැස්ම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යොමු කිරීමට නියමිත බව සංවර්ධන උපායාමාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍යාංශය පවසනවා. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් 700 කට අධික සංඛ්‍යාවකගේ උපදේශනයෙන් මෙය සකස් කර තිබෙනවා.
ජාතික අපනයන උපායාමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සදහා හදුනාගත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 70 ක් එහි ක්‍රියාකාරී සැලසුම් ආදිය සමාලෝචනය කර තිබෙනවා. එම සැලසුම් අදාළ ආයතනවල ක්‍රියාකාරී සැලසුම්වලට අන්තර්ග්‍රහණය කර ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර කාර්යක්ෂම සම්බන්ධීකරණය මෙම සැලසුමේ ප්‍රගතිය සදහා හේතුවනු ඇති. කැබිනට් අනුමැතියෙන් පසු අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීම සදහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සහයෝගීතාව උපරිමයෙන් අපේක්ෂා කෙරෙනවා. ජාතික අපනයන උපායමාර්ගික සැලැස්මේ ප්‍රමුඛතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජාතික ආයතන රැසක් දැනටමත් සැලසුම් කර ඇති බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍යාංශය සදහන් කරනවා. මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට යෝජිතව ඇත්තේ 2018 වසරේ සිට 2022 වසර දක්වායි. 2022 වන විට ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකා ඩොලර් බිලියන 28 දක්වා වැඩි කිරීම මෙහි අරමුණයි.