රුසියාවේ මේ දිනවල පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග 3ක් අද පැවැත්වීමට නියමිතයි. C කාණ්ඩය යටතේ ප්‍රංශය හා ඕස්ට්‍රේලියාව අතර පැවති මූලික අදියරේ තරගය උණුසුම් මුහුණුවරක් ගත්තා. එහිදී ගෝල 2ක් වාර්තා කිරීමට ප්‍රංශය සමත්වුණ අතර ඕස්ට්‍රේලියාවට ලබාගත හැකි වූයේ එක් ගෝලයක් පමණයි.
පේරු රාජ්‍ය සමඟ පැවති තරගයේදී ගෝල 1ට 0ක් ලෙස ජය ලබා ගත්තේ ඩෙන්මාර්කයයි.
D කාණ්ඩය යටතේ ආර්ජන්ටිනාව හා අයිස්ලන්තය අතර පැවති තරගය ගෝල 1ට 1ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් වුණා. නයිජීරියාව සමඟ පැවති තරගයෙන් ගෝල 2 ට 0ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට ක්‍රොඒෂියාව සමත්වුණා.
අද දිනයේ පැවැත්වෙන තරග අතුරින් බ්‍රසීලය හා ස්විට්සර්ලන්තය අතර තරගය කෙරෙහි කාගේත් අවධානය යොමුව තිබෙනවා.